mountain-climbing

දැක්ම

ශ්‍රී ලංකික ගෘහ , ව්‍යාපාරික හා සියළු පාර්ශවයන් සදහා නිවැරදි හා උසස්ම තාක්ෂණයෙන් යුත් ආරක්‍ෂිත උපාංග , සේවාවන් හා නව්‍ය දැනුම සැපයිම අපගේ අභිලාෂයයි.

 

මෙහෙවර

තාරුණ්‍ය වෙත නව්‍ය තාක්‍ෂණය දයාද කිරීම තුලින් ඔවුන්ගේ ජීවිත තුල සංවර්ධනය , සතුට ඇතිකිරීම.

CEO’s Massage

මුළු මහත් ශ්‍රී ලාංකීක ජාතියේ අනාගත අභිවෘද්ධිය රදා පවතින්නේ රට තුල වූ තාරුණ්‍යයේ දිශා ගැන්වීම මත බව මා දරණ මතයයි. රටක් ජාතියක් සංවර්ධනය වීමට, සුඛිත මුදිත වීමට තරුණ කැළ හරවත් මෙන්ම ඵලදායී කාර්යන් හී නි‍රතවීමට අත්‍යවශය වේ. වෙන් වෙන් ව ගත් කල තරුණ ශ්‍රමිකයන් තමන්ගේ ඉලක්ක සපුරාගන්නා හා සතුටින් ජීවිතය විදින පිරිසක් විය යුතුය.

අවාසනාවකට එය එසේ සිදුවී නැත. මා සිදු කරන ලද ගවේශන වලදී අනාවරණය වූයේ 80% ක් තරුණයන් තමා ප්‍රිය නොකරන රැකියාවන්හි නිරත වන බවයි. තවත් 97% ක්ම තම මූලික අවශ්‍යතාවයන් වන නිවසක්, වාහනයක් මිලදී ගැනීමට නොහැකිව ලත වන බවය. අහඹු ලෙස කරන ලද සමීකරණ වලදී 40% කට ආසන්න, රැකියාවන්හී නිරත තරුණයන්ගේ “සාක්කූ හිස් “බව අකමැත්තෙන් වුවද කිව යුතුය.

මේ තත්ත්වය වහා වහා වෙනස් කළ යුතු ය. තාරුණ්‍යයන් නව තාක්ෂණය ඇලුම් ඇත්තන්ය. ඒ තුලින්ම ඔවුන්ගේ ජීවිත කරා සමෘද්ධිය, සංවර්ධනය, දියුණුව, හා සතුට ලගා කර දිය හැකිය. දැනටමත් බොහෝ පිරිසක් මා ක්‍රියාත්මක කල වැඩ සටහන් වල නියැලී ඇති සාර්තක ජීවිත තත්වයන් ලගා කර ගෙන ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමි.

එන්න, අප හා එක්වමින් ඔබගේ අනාගතය දිනන්න!

සංජීව ගුණසිංහ